Category Local News

මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැකපිට හය දෙනෙක් මුහුද මැදදී අල්ලයි

මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැකපිට බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගේ බහුදින ධීවර යාත්‍රාව ද භාරයට ගෙන අති බවයි සඳහන් වන්නේ.

මාරක අනතුරුවලින් පුද්ගලයන් සිව් දෙනෙක් මරුට

මාරක රියඅනතුරු තුනකින් පුද්ගලයන් 04 දෙනකු ඊයේ (31) දිනයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මුලස්ථානය පවසනවා. ශ්‍රී පුර පොලිස් වසමේ වැලිඔය සිංහපුර මාර්ගයේ  සිංහපුර හන්දියේදී වැලිඔය දෙස සිට සිංහපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී අනතුරක් සිදුවූ…

ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයන් ගැන සංගම් දැඩි තීරණයක

ඉන්ධන මිල සංශෝධනය වුවද නිසි නියාමනයක් සිදුනොකර ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ සංගමය පවසයි.  එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත…

ගම්පහ උඩුගම්පොල මාර්ගයේ දී මාරක අනතුරක්

ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල මාර්ගයේ කෙහෙල්බද්දර හන්දිය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. උඩුගම්පොල දෙස සිට කොටුගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයේ වම් පස සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව…

ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 153,063ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඔක්තෝබර් මාසයේ මාසයේ 01 වනදා සිට…

අද සිට ක්‍රියාත්මක ෂොපිං බෑග් නීතිය මෙන්න

අතලු සහිත (හැඩ්ල් 2ක් සහිත) පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද (1) සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මින් ඉදිරියට පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවිකිරීමේදී එම වෙළෙඳසැල් විසින් ෂොපිං බෑග් වැනි අතලු සහිත පොලිතීන් බෑග් සඳහා…

නොවැම්බර් මාසයේ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

මාසික මිල සංශෝධනය අනුව නොවැම්බර් මාසයේ දී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසයි. වත්මන් ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කි.

ත්‍රිමලේ වරාය ආශ්‍රිත වෙරළට ගොඩගැසුනු මළ කකුළුවෝ

ත්‍රීකුණාමලය ඇතුළු වරාය ආශ්‍රිත වෙරළ තීරයට මියගිය මුහුදු කකුළුවන් විශාල වසයෙන් ගොඩ ගැසීමේ තත්ත්වයක් ගැන වාර්තා වේ. මේ එලෙස ගොඩගැසුනු මියගිය කකුළුවන්ගේ ඡායාරූප කිහිපයකි. ඡායාරූප – Trinco 1st

පද්මේ සමඟ සබඳතා පැවැත්වූ නිලියන් ගැන CIDයෙන් ප්‍රකාශයක්

අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ සමග විදේශ රටවලට ගොස් සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන රංගන ශිල්පිනියන් පස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව ඊයේ (31) අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම රංගන…

වෙඩි තැබීමේ සිද්ධියකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් STF වැටලීමකින් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. දමන පොලිස් වසමේ, හිඟුරාන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති…