Category Local News

වනඅලි පහරදීමකින් විදේශිකයෙකු ජීවිතක්ෂයට

සීගිරිය, පිදුරංගල මාර්ගයේදී වනඅලියෙකු පහරදීම හේතුවෙන් විදේශීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68ක්වූ හංගේරියානු ජාතිකයෙකි.‍ අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පා ගමනින් සීගිරිය පිදුරංගල මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව…

විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු, කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සිදුකළ වැටලීමකදී සැකකරු අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය…

මේ වසර ඇතුලත අඩු ආදායම් ලාභීන්ට නාගරික නිවාස 2,500ක්

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා වැඩසටහන යටතේ 2026 වසර තුලදී අඩු ආදායම්ලාභී, ස්ථිර නිවාස නොමැති ජනතාව සදහා නාගරික නිවාස 2,500 ක් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස්කර කඩිනමින් ක්‍රියාත්මක කරමින්…

2025 සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, විභාග මධ්‍යස්ථාන 3,545 කදී, අපේක්ෂකයන් 451,463 ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි. අද (17) සිට ලබන 26 වැනිදා දක්වා සාමාන්‍ය පෙළ…

අද කාලගුණ නිවේදනය

අද (17) සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි අතර…

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ‍ගෙන තිබේ. එම යත්‍රාව තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ. අදාළ ඩිංගි යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය බවට සැකකරෙන…

අපි පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සොයනවා – නාමල්

අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ලැබුණු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනය කිරීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (14) පෙරවරු 11.30ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් බදුල්ල…

සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක්

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ තරමක වැසි තත්ත්වයක් බලාපොරොත්තුව විය හැකි බැවින්, අවදානම් සහිත පාසල් පිළිබඳ තොරතුරු එම ප්‍රදේශවල කලාප හා දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල වෙත ලබාදී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත…

විශේෂ සෝදිසි මෙහෙයුම් යටතේ පුද්ගලයින් 29,367ක් පරීක්ෂාවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 585ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අනුව ඊයේ (14) දිනයේදී පුද්ගලයින් 29,367ක් පරීක්ෂාවට ලක් කර…