Category Local News

මෙට්‍රෝ බස් සේවාව අගෝස්තුවේදී එයි

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන නිර්මාණය කිරීමේදී ප්‍රධාන දුම්රිය ස්ථාන හරහා අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය දුම්රිය මාර්ග පද්ධතිය සමග ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව සොයාබලන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ ගුණාත්මක ප්‍රවාහන සේවයක් සහතික කිරීම සදහා වන උපාය මාර්ගික…

කිඹුල්-පිඹුරු හම් මෙරටට ගෙනා ගුවන් මගියෙක් අත්අඩංගුවට

වියළා, වර්ණ ගන්වා සකස් කළ පිඹුරන්, කිඹුලන් ඇතුළු උරගයන් රැසකගේ හම් තොගයක්, නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් ගුවන්තොටුපළ රේගු නිලධාරීන් සහ රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගනු ලැබීය.…

IMF වාරික දෙකක් එකවර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හය වැනි සහ හත් වැනි ණය වාරික දෙකම බොහෝ දුරට එකවර නිදහස් කරගැනීමට හැකි වනු ඇතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කළේය. දිට්වා සුළි කුණාටුව නිසා කල්දැමුණු හය…

ගොවීන් ලක්ෂ 11කට පොහොර සහනාධාරය බිලියන 18ක් දීලා

මෙවර මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් මේ වන විට රුපියල් බිලියන 17.68ක මුදලක් ගොවීන් 1,111,948 දෙනකුගේ ගොවි ගිණුම්වලට බැරකර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පළමු අදියර යටතේ වී ගොවීන්ගේ කුඹුරු බිම් හෙක්ටයාර 743,068කට රුපියල් කෝටි 1110.5ක මුදලක් පොහොර සහනාධාරය…

මහකන්නයේ වී ටොන් 80,000ක් මිලදී ගන්න රු. බිලියන 10ක්

මෙවර මහකන්නයේ වී මෙට්‍රික් ටොන් අසූ දහසක් මිලදී ගැනීමට රජය විසින් රුපියල් බිලියන දහයක් වෙන්කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ගොවි ජනතාවට තවදුරටත් පහසුකම් ලබා දෙමින් අනුරාධපුර හා මොනරාගල දිස්ත්‍රික්කවල…

‘ලක්සල’ ජනවාරියේ රු. මිලියන 109ක් ලාභ ලබයි

‘ලක්සල’ අලෙවිසල් ජාලය ජනවාරි මාසයේ රුපියල් මිලියන 109ක ලාභයක් ලැබූ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. දැනට විවෘතව පවතින ‘ලක්සල’ අලෙවි ශාඛා දහයෙන් 2025 වර්ෂයේදී රුපියල් මිලියන 921ක අලෙවි ආදායමක් ලැබූ බව ද අමාත්‍යවරයා පැවසීය. ‘ලක්සල’…

මෙරට සියලුම ගනුදෙනු රුපියල්වලින් පමණයි

මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබාදී ඇති අවස්ථාවකදී හැර, මෙරට නේවාසිකයන් අතර සිදු වන සියලුම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. එසේ නොවන්නේ නම්, එය ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ…

ප්‍රවාහන පුනරුදයට පුළුල් සැලැස්මක්

මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් බවට පත් කරමින්, මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යූහයම කඩිනම් පරිවර්තනයකට ලක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. මිනිසුන්ට…

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

මෙරට කෘතහස්ත දේශපාලනඥයකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 91 වන වියෙහි පසුවිය. කලක් රෝතාතුරව සිටි ඒ මහතා අද(13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක්…

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙයි අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 ක කාලය සඳහා වලංගුයි. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට…