News Editor

News Editor

ෂැන්ෂාන් සුළි කුණාටුව ජපානයට

තද සුළං සහ ධාරානිපාත වර්ෂාවත් සමඟ ෂැන්ෂාන් සුළි කුණාටුව නිරිතදිග ජපානයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ඒ හේතුවෙන්, විදුලිය විසන්ධි කිරීම, ගුවන් ගමනාගමනය අවුල් කිරීම සහ ප්‍රධාන කර්මාන්තශාලා වසා දැමීමට දැනුම් දී තිබෙනවා කලාපයට බලපෑ ප්‍රබලතම කුණාටුව…

ශ්‍රී ලංකාව පුරා ඇවිද යමින් වාර්තාවක් තැබූ තරුණයා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාව වටා පුරා දින 45ක් තුළ කිලෝමීටර් 1500ක දුරක් පා ගමනින් ඇවිද වාර්තාවක් තැබූ බේරුවල ප්‍රදේශයේ ශාමි ෂාහීද් තරුණයා කොළඹ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. මෙම තරුණයා තම ගම් ප්‍රදේශය වන බේරුවලින් ගමන් අරඹා…

මෙරට දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ඇරඹෙයි

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් දූපත් හි දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ගෙවීම් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා පළමු ගෙවීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය…

ඉන්දීය නාවික යුධ නෞකාව දිවයිනෙන් පිටව යයි

ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාව වන INS මුම්බායි, දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. නාවික සාම්ප්‍රදායානුකූලව එම නෞකාවට සමුදී ඇති අතර මෙරට සිටි කාලය තුළ එහි කාර්ය මණ්ඩලය විසින් අභ්‍යාස ක්‍රියාකාරකම්වල ද නිරත වූ බවයි නාවික…

බොරැල්ල සමගි ජන බලවේගයේ සමසංවිධායක ධූරයට ජනක

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල ආසනයේ සමගි ජන බලවේගයේ නව සම සංවිධායක වශයෙන් දේශමාන්‍ය ජනක නන්ද කුමාර මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත්කරනු ලැබ තිබේ. තමා උපන් දේශයට සහ සමස්ත රටේම ජනතාවට නිබඳ සේවයක් කිරීම සහජ හැකියාවක් කොට…

පාස්පෝර්ට් ගැටලුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදය ඔක්තොබර් 16 වනදායින් පසුව අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඒ අනුව විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුව ප්‍රකාශ…

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා අද (29) පෙරවරුවේ බලපෑ රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතු එම භූකම්පනය ජම්මු සහ කාශ්මීරය සහ දිල්ලි ඇතුළු උතුරු ඉන්දියාවේ ප්‍රදේශවලට ද දැනී තිබූ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ භූ කම්පන විද්‍යාව…

කෙහෙළිය යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන මස 11 වනදා තෙක් තවදු බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග…

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනා මහත්මිය හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා. යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානී, ජෝස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර්, සිය නිරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා…

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවට?

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක Ajit K. Doval මෙරටට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මෙරට ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයින් හමුවී සාකාච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් අදාළ සංචාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත් වී නොමැති බව සඳහන්.