වසර 20ක් තිස්සේ රෝගීන් ඇන්දු හොර ජීවකයා මාට්ටු

වසර 20ක පමණ කාලයක් තිස්සේ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කළ පුද්ගලයෙක් එගොඩඋයන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාද්දූව දෙල්දූවේ පදිංචිකරුවෙක් වන 54 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එගොඩඋයන තාලරුක්ඛාරාම විහාරස්ථානය ආසන්නයේ සහන සේවා නමින් පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයේදීයි.

මෙම පුද්ගලයා වෛද්‍යවරයෙක් නොවන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙනත් වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකයකින් පෙනී සිටින බවටත් ලද තොරතුරකට අනුව පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (21) සවස් කාලයේදීයි.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී බලපත්‍ර නොමැති ඖෂධ රැසක්ද සොයාගෙන තිබෙනවා.

එම ඇතැම් ඖෂධ කල් ඉකුත් වූ ඒවා බවද අනාවරණය වී ඇති බව සඳහන්.