Month April 2026

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මෑත කාලයේ බුත්තලදී සොයාගත් වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල ප්‍රදේශවයේ සිදුකළ වැටලීකමදී අදාළ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…

විදුලිසැර වැදී පුද්ගලයෙකු මරුට

කොක්අඩිචෝලය, තාන්තාමලය ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් වූ තාන්තාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා තම වගාවට ජලය යෙදීම සඳහා විදුලි මෝටරය සවිකිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය…

උත්සව සමයේ දරුවන් ගැන විමසිලිමත් වන්න – වෛද්‍ය දීපාල් පෙරේරා

මෙම උත්සව සහ අලුත් අවුරුදු කාලයේ දරුවන් ගැන වැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. වැඩි වශයෙන් දෙමාපියන්ගේ නොසැලිකිලිමත්කම හේතුවෙන් දරුවන්ට හදිසි අනතුරු සිදුවීම් බහුලව සිදුවන බවත් එම අනතුරු…

මධ්‍යම බස් නැවතුම්පොළේ දේපලවලට අලාභ හානි සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය 08 දින නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපලවලට හානි සිදුකර ඇති බවට පිට කොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර…

උත්සව සමයේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ සඳහා නීතිමය ක්‍රියාමාර්ග

කොළඹ Peoples Park සිට හැටන්,නාවලපිටිය,ඩයගම යන ප්‍රදේශ දක්වා ඊයේ (11) රාත්‍රියේ අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිළධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ රාජකාරියේ යෙදී සිටි නිළධාරීන් අදාළ ස්ථානයට ගොස් එම බස්…

ගල්අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා පිට පටවන්නේ නෑ – PUCSL තීරණය කරයි

විදුලි ගාස්තු සංශෝධනවලදී ද ගල්අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ. එම කොමිෂන් සභාව පැවසුවේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදි සලකා බලනුයේ විදුලි ජනනය, සම්ප්‍රේශණය සහ බෙදාහැරීම සඳහා…

අමෙරිකානු යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට අමෙරිකානු යුද නැව් දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබේ. එක්සත් ජනපදය විසින් එම මාර්ගයේ ඇති බාධක ඉවත් කරමින් සිටින බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. අමෙරිකානු නාවික…

‘පොහොර හිඟයක් නැහැ, ගොවියාට සහන මිලට පොහොර ලබාදෙනවා’ – නි. ඇමැති නාමල් කරුණාරත්න

රට තුළ දැනට පවතින පොහොර තත්ත්වය පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පොහොර තොග මේ වන විට රට තුළ පවතින බවත් කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා…

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විසිතුරු පැළ තොගයක් රේගු භාරයට

රුපියල් හත්ලක්ෂ හැත්තෑදහසක් වටිනා විසිතුරු පැළ තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ගුවන් තොටුපළ හරිත මාවත ඔස්සේ පිටකර ගෙන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු රේගු භාරයට ගෙන තිබේ. ඉන්දියාවේ බැංගලොර් නුවර සිට මොහු පැමිණ තිබුණි. සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ…

බටහිර ආසියාවේ සටන් විරාමය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී. – කල් පවතින විසඳුමක් ඉල්ලා සිටියි

බටහිර ආසියාවේ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඉදිරි සංවාදය සාදරයෙන් පිළිගන්නා බව ශ්‍රී ලංකා රජය සදහන් කරයි. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනුයේ මෙය කලාපයේ උණුසුම් තත්ත්වය අඩු කිරීමට ගත් වැදගත් පියවරක් බවයි. ස්ථිර…