Month April 2026

විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය

උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට ම සාමය සතුට සෞභාග්‍යය සපිරි අලුත් අවුරුද්දක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනු අප සතුව ඇති මහා සංස්කෘතික මංගල්‍යයකි. සංස්කෘතික මංගල්‍යයක පදනම සැකසෙන්නේ ඒ තුළ දක්නට ලැබෙන…

‘සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගමු‘ – ජනපති අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කරයි

‘දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු‘ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය අලුත් අවුරුද්දට සුබ පැතුම් පණිවිඩයෙන් සදහන් කරයි.…

අවුරුදු සමයේ රෝහල් කාර්ය මණ්ඩලය දිගටම වැඩ

අවුරුදු සමය තුළ රෝහල් කාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් පැය 24 පුරාම රෝහල තුළ සිටිමින් සේවාවන් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන්…

ගල්අඟුරු වංචාවක් සම්බන්ධව මුජිබුර්ගෙන් CIDයට පැමිණිල්ලක්

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඇතුළු එම පක්ෂයේ කිහිප දෙනෙකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ගල්අඟුරු ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල සිදුකර තිබේ. ඒ අදාළ ටෙන්ඩරය…

වසර කිහිපයක සිට පැවති ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

යාපනය, තොල්පුරම් ප්‍රදේශයේ තරුණියින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (13) රාත්‍රී 11ට පමණ වඩ්ඩුකෝට්ටේ පොලිස් බලප්‍රදේශයට අයත් තොල්පුරම් ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා වී ඇත. එකම ගම්මානයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු අතර වසර කිහිපයක සිට පැවති ආරවුලක්…

මැදපෙරදිග අර්බුදය විසඳීමට පුටින්ගෙන් මැදිහත්වීමක්: ඉරාන ජනපති සමග විශේෂ සාකච්ඡාවක්

පාකිස්ථානයේදී පැවැත්වුණු ඇමරිකා – ඉරාන සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව, මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ලබාදීම වෙනුවෙන් පහසුම් සැලසීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි,…

ආශා බෝස්ලේ වෙනුවෙන් IPL පිටිය නිහඬවෙයි

ඉන්දීය ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේගේ අභාවය වෙනුවෙන් IPL පිටියේදී ශෝකය පළකරමින් නිහඬතාවයක් පැවැත්වුණා. ඒ අද (12) පැවැත්වෙන Mumbai Indians සහ Royal Challengers Bengaluru කණ්ඩායම් අතර තරගයේදීයි. දශක 8කට වැඩි කාලයක් ගීත 12,000කට වැඩි සංඛ්‍යාවකින් බොලිවුඩයේ පමණක් නොව ලොව පුරා රසික…

අවුරුදු සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

අලු‍ත් අවුරුදු සමයේ මත්පැන් භාවිතය හා නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදුවිය හැකි රිය අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි රථ වාහන පාලන සහ මාර්ග…

අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කෙරේ

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. පවතින අඩු විදුලි ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙරට මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට 

මෙරට මුහුදු සීමාවට ඇතුළුවී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ධීවරයින් දොළොස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.  යාපනය කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (11) රාත්‍රියේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් මොවුන් සිය භාරයට ගත් බව…