Month April 2026

කරන්දෙණිය සුද්දාගේ ගිනි අවි ප්‍රවාහනය කළ තරුණයෙකු අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ගිනි අවි ප්‍රවාහනය කළ තරුණයෙකු ගිනි අවියක් ද සමග වදුරඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුවයි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු…

යතුරුපැදියෙන් විදුලි වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනා බිහිසුණු අනතුරක

මඩකලපුව – කල්මුණේ පැරණි පාරේ නාවට්කුඩා දේවස්ථානය අසල සිදුවූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.  නාවට්කුඩාහි අතුරු මාර්ගයක අධික වේගයෙන් ගමන්ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගොඩනැඟිල්ලක බිත්තියක ගැටී අනතුර සිදුව තිබුණි.  තුවාල ලැබූ සිසුන් දෙදෙනා කාත්තන්කුඩි මූලික රෝහලට රැගෙන ගොස්…

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සාම පාගමනට සියල්ල සූදානම්

අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යමින් ජාත්‍යන්තර අවධානය දිනාගත් සාම පා ගමන මේ මස 22 වැනි දා සිට 28 වැනි දා දක්වා මෙරටේ දී පැවැත් වීමට නියමිතය. එය පැවැත්වෙනු ලබන්නේ පුර්ණ රාජ්‍ය අනුග්‍රාහකත්වයෙන් වීම විශේෂයකි. ලොව පුරා මාධ්‍ය අවධානය හිමි වූ…

වසර 34කට පසු ඊශ්‍රායල සහ ලෙබනන නායකයන් අතර අද සාකච්ඡා

ඊශ්‍රායල සහ ලෙබනන නායකයන් වසර 34කට පසු ප්‍රථම වතාවට අද (16) සාකච්ඡා පවත්වනු ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපති ට්‍රම්ප් මෙම නිවේදනය නිකුත් කළේ, ඔහුගේ ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුම හරහායි. “ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින තත්ත්වය…

බලශක්ති අර්බුදය විසඳන්න වික්ටෝරියා ජලාශයෙන් සීමාව ඉක්මවා ජලය ගන්නවාද ?

විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.  එහි බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අද (15) නුගේගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ ක‌ළේය.  ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු…

අදත් ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප. ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.…

ආසියාතික ජනතාවට සහන සපයන්න ජපානයෙන් ඩොලර් බිලියන 10ක මූල්‍ය රාමුවක්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පීඩා විඳින ආසියාතික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් වටිනා මූල්‍ය රාමුවක් සකසන බවයි ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකයිචි නිවේදනය කර තිබේ.  ඒ, පවතින වාතාවරණය යටතේ ඉරාන යුද්ධය තවදුරටත් වර්ධනය වුවහොත් ගෝලීය අවපාතයක් ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය…

අවුරුදු සමයේ PHI වැටලීම් 2,000ක් – 400කට නීතිමය පියවර

සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, අප්‍රේල් පළමු වෙනිදා සිට 12 වෙනිදා දක්වා සිදුකළ 2,000කට…

විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයින් 6ක් ගුවන්තොටේදී කොටු 

නීතිවිරෝදී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතිකයින් 6 දෙනෙකු ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට නෙ තිබේ. ගුවන් යානා තුනකින් අද (16) අලුයම දිවයිනට පැමිණි මෙම චීන ජාතිකයින් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්…

කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මකයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව මේ වන විට යළි කොළඹට පැමිණෙමින් සිටින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ජනතාවගේ අවශ්‍යතාව පරිදි විධිමත් සැලසුමකට අනුව අතිරේක බස් රථ ධාවනයට එක් කර ඇති බවත්, එම විශේෂ බස්…