ලුණුගම්වෙහෙර ජලාශයේ ඔරුවක් පෙරළීයාමෙන් තරුණයන් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
පොලීසිය පැවසුවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවය.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බව සඳහන් වේ.
ඔවුන් සොයා තිස්සමහාරාම නාවික කොට්ඨාසය සහ කිමිදුම් ඒකකය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.








