රුපියල් කෝටි 50 කට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අහුංගල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13 ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 14 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසියි පවසා සිටියේ.
එමෙන්ම ඔවුන් සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ 30 ක්ද හමුවී තිබෙනවා.
අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.








