ඊශ්‍රායලයේ ආරක්ෂාවට එල්ල වී තිබුණු තර්ජන මැඩ පැවැත්වීම සඳහා, ඉරානය තුළ පිහිටි ඉලක්ක වෙත ප්‍රහාරයක් දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Israel Katz අද (28) නිවේදනය කරනු ලැබුවා.
මෙම මෙහෙයුම ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බවත්, ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ගණනාවක් යොදා ගනිමින් ඉරානයට ප්‍රහාර එල්ල කර ඇති අතර, ටෙහෙරාන් අගනුවර හා Isfahan, Qom, Karaj, හා Kermanshah යන නගරවලින් පිපිරුම් හඬ ඇසුණු බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ අතර ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රතිප්‍රහාර සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා විසින් සමස්ත ඊශ්‍රායලය පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවද සඳහන්.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද මෙම ප්‍රහාරය ඇමරිකාව සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලද්දක් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබෙන්නේ.
ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකම තම ගුවන් සීමාවන් වසා දමා ඇති බවද වාර්තා වනවා.
ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ටෙහෙරානය සූදානම් වෙමින් සිටින බවත්, එම ප්‍රතිප්‍රහාර ඉතා දරුණු වනු ඇති බවයි ඉරාන නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙන්නේ.








