මැදපෙරදිග කලාපයේ පවතින අවිනිශ්චිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද දිනට නියමිත සියලුම මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු කර ඇති බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පවසනවා.
මේ අතර, මැදපෙරදිග පවතින මෙම තත්ත්වය හේතුවෙන් වෙනත් ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා ශ්‍රී ලංකාව දෙසට හරවා එවීමට (divert කිරීමට) ඉඩ ඇති බැවින්, ඒ සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) සහ මත්තල ගුවන් තොටුපළ සූදානමින් පවතින බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAS) සඳහන් කර සිටියේ.
කලාපීයව පවතින නොසන්සුන්කාරී යුධමය තත්ත්වය උත්සන්න වීමත් සමඟ ඉරානය, ඉරාකය සහ ඊශ්‍රායලය අනුගමනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), කටාර් සහ කුවේට් යන රටවල් ද සිය ගුවන් සීමාවන් වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.








