පාසල් සිසුන් සඳහා ලබාදෙන පාවහන් වව්චර්වල කාලය මාර්තු 15 දක්වා දීර්ඝ කෙරේ

2026 වර්ෂය සඳහා, තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සිල් මාතාවන් වෙත ලබාදෙන රුපියල් 3000/- ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් (වව්චර්) ලබාදීමේ වැඩසටහනේ වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

එම තිළිණපත්වල වලංගු කාලය අද (28) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද, ඒවායේ වලංගු කාලය මාර්තු 15 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බවයි දැක්වෙන්නේ.