දිට්වා වෙනුවෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර මුදලක්

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර මුදලක් වෙන් කර තිබෙනවා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීමට සහ රට පුරා අඛණ්ඩ සහන මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා එම ආධාර මුදල වෙන්කර ඇති බවයි සඳහන් වන්නේ.

මානුෂීය හවුල්කාර සංවිධාන සමග ඒකාබද්ධව මෙම ආධාරය ලබාදෙන අතර, යුරෝපා සංගමය සහ එහි හවුල්කාර සංවිධාන විසින් මීට පෙරද යුරෝ මිලියන 2.35 ක ආධාර මුදලක් දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ජනතාවට ලබා දී තිබුණා.