පසුගිය 14 වැනිදා ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර, තවත් පුද්ගලයින් 4 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (27) දින කඩවත, සුරියපාළුව ප්‍රදේශයේදී හා වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙසේ අත්අඩංගුවට පත් සැකකරු, අදාළ අපරාධයෙන් පසු වෙඩික්කරු ගිනි අවිය ද රැගෙන පලාගිය ත්‍රීරෝද රථයේ රියැදුරු බවත්, එම සැකකාරිය ඔහුට සහාය දක්වා ඇති බවත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු අවුරුදු 44 ක් හා සැකකාරිය අවුරුදු 29 ක් වන අතර, ඔවුන් සේදවත්ත හා වෙහෙරගොඩැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි දැක්වෙන්නේ.








