රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් ආපදා සහන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කෙරේ

ආපදා සහන කටයුතුවල යෙදී සිටින රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් අද (27) එම කටයුතුවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යවසනයෙන් දින 93 ක් ඉක්ම ගොස් ඇති අතර, එම කාලය පුරා ආපදා සහන සේවා නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් දිවා රෑ නොබලා අඛණ්ඩව සේවය කරමින්, රජය හා පීඩාවට පත් ජනතාව අතර ප්‍රමුඛ සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තමන් ඉටු කර ඇති මෙම දැඩි සේවාවට සාපේක්ෂව පවතින ගැටලු සම්බන්ධයෙන් රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හේතුවෙන්, ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කළ බවයි සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය, තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් එක්ව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්:

 news images news images news images