2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අදාළව, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අයදුම්පතෙහි සඳහන් ලිපිනයට තැපැල් මඟින් යැවීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07 කට පෙර සිට දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://onlineexams.gov.lk/onlineapps මඟින් ද ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින පහතින්:









