ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.
ඒ අනුව, ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව, එරට ආගමන විගමන වැරදි සම්බන්ධයෙන් සහ පිටුවහල් කිරීම සම්බන්ධයෙන්, පොලිස්පතිතුමන්ගේ ඍජු මැදිහත් වීම මත හා ඒ ඒ රටවල්වල තිබෙන විශ්වාසය මත, පොලිස්පතිතුමාගේ පූර්ණ මැදිහත් වීම මත මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ දිවයිනට රැගෙන ඒම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කර සිටියා.








