අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවකු සැඟවී සිටි නිවසක හිමිකරුවා අත්අඩංගුවට

අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන් ලබා දුන් නිවසේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොනරාගල පොලිසිය විසින් මැදගම, නන්නපුරාව, දිවියාපොල ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ඊයේ මොනරාගලදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබෙනවා.