ඉතා සූක්ෂ්ම සහ වංචාකාරී ලෙස ජනතාවගේ මුදල් ගසාකන තහනම් පිරමීඩ ගනුදෙනු සිදු කරන ආයතන 24ක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
මෙවැනි ආයතන 23ක් මීට පෙර හඳුනාගෙන තිබූ අතර පෙරේදා (25) තවත් එක් ආයතනයක් හඳුනාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com, bannercuts.com, bannercuts.lk, bannercuts.net, සහ bannercuts.org යන වෙබ් අඩවි මඟින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යෑම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කරන බවට අලුතින්ම හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා මහබැංකුව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරනු ලැබූ විමර්ශනවලින් අනතුරුව පිරමීඩ ජාල රැසක් පිළිබඳව ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් සිදු කරමින් මේබව කියා සිටියේය.
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශනවලට පසුව මහ බැංකුව මෙසේ ද කියයි.
මීට අමතරව, බැංකු පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට තීරණය කර ඇති තවත් ආයතන සහ ජංගම දුරකතන යෙදවුම් (Apps) රැසක ලැයිස්තුවක් ද මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කර ඇත. එම ලැයිස්තුවට පහත ආයතන ඇතුළත් වේ.
Tiens Lanka Health Care (Pvt) Ltd, Best Life International (Pvt) Ltd, Global Lifestyle Lanka (Pvt) Ltd, OnmaxDT, MTFE App, Qnet/ Questnet.
Mark – Wo International, V M L International, Fast3Cycle International, Sport Chain app, Fastwin (Pvt) Ltd, Fruugo Online App, Ride to Three Freedom (Pvt) Ltd, Era Miracle (Pvt) Ltd, Genesis Business School, Ledger Block, Isimaga International (Pvt) Ltd, Beecoin App, Sunbird Foundation, Windex Trading, Smart Win Entrepreneur (Pvt) Ltd, Net Fore International (Pvt) Ltd/ Netrrix, Pro Care (Pvt) Ltd, SGO (sgomine.com).
මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ මෙම ආයතන විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට නිර්ණය කර ඇති බැවින්, එවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසයි.
මෙවැනි තහනම් ජාල ප්‍රවර්ධනය කිරීම හෝ ඒවායේ නියැළීම නීතිවිරෝධි කටයුත්තක් බවට ද මහ බැංකුව වැඩිදුරටත් ජනතාවට සිහිපත් කර සිටියි.








