සාපෙළ සිසුන් ගැන අද පොලීසියේ අවධානය දැඩිවෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් අතර ඇති විය හැකි කලහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර ඇත.

පසුගිය 17 වන දින ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (26) දිනයේ අවසන් වීමට නියමිතව තිබේ.

මීට පෙර වසරවලදී ද සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතර එම විභාගය අවසන් වීමෙන් පසු කලහකාරී සිදුවීම්වලට නැඹුරුවීමේ ප්‍රවණතාවක් පැවතීම හේතුවෙන් මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය වැඩි දුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව දෙමව්පියන්ද සිය දරුවන් සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙවැනි තත්ත්වයන් වළක්වාගැනීමට කටයුතු කරන ලෙස පොලිසිය මෙහිදී දැනුම් දී තිබේ.