ජනාධිපතිවරයා පැනවූ හදිසි නීතියට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.