අස්වැසුම පෙබරවාරි මස වැඩිහිටි දීමනා අද බැංකු ගිණුම් වෙත

පෙබරවාරි මාසයට අදාළව අස්වැසුම පළමු සහ දෙවන අදියර යටතේ වැඩිහිටි දීමනා අද (26) බැංකු ගිණුම් වෙත යොමු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව අස්වැසුම පළමු අදියර යටතේ වැඩිහිටි දීමනාවට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 31කට අධිකයි.

එමෙන්ම, අස්වැසුම දෙවන අදියර යටතේ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් කෝටි 3කට වැඩි මුදලක් වෙන්කර තිබෙනවා.

මේ යටතේ, ප්‍රතිලාභීන් ලක්ෂ 89 දහස් 375 දෙනෙකුට මුදල් හිමිවන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ.