2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේදී ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 61 විශිෂ්ට ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Mitchell Santner ලකුණු 47 ක්, Rachin Ravindra ලකුණු 32 ක්, Cole McConchie ලකුණු 31 ක් හා Finn Allen ලකුණු 23 ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක්, දුෂ්මන්ත චමිර කඩුලු 3 ක් හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 107 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී කමිඳු මෙන්ඩිස් ලකණු 31 ක් හා දුනිත් වෙල්ලගේ ලකුණු 29 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 12 සීමාවට හෝ පැමිණීමට නොහැකි වුණා.








