නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරීක්ෂකවරුන් සහ නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සමඟ එක්ව ඊයේ (25) දිනයේ නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල සහ නුවරඑළිය – රාගල ප්‍රධාන මාර්ගයේ බොරලන්ද ප්‍රදේශයේදී මෙම හදිසි පරීක්ෂාව සිදු කර තිබෙනවා.
මෙම මෝටර් රථ පරීක්ෂාවේදී එම මාර්ග දෙකේම ගමන් ගත් වාහන 100 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කර ඇති අතර, එම පරීක්ෂාවේදී අධික ලෙස කළු දුම් පිට වන ලංගම බස් රථ 12 ක්, පෞද්ගලික බස් රථ 25 ක්, ලොරි රථ 16 ක් සහ අනෙකුත් වාහන 20 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එම වාහන අලුත්වැඩියා කර යළිත් පරීක්ෂණයට ඉදිරිපත් කරන තෙක් එම වාහනවල ආදායම් බලපත්‍ර නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයාගේ භාරයට ගෙන තිබෙනවා.








