අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන, ‘හිමිකම’ නිදහස් ප්‍රදාන පත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (27) ප.ව 2.00ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසර පත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට තම ඉඩමෙහි පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භූමිය මානව අවශ්‍යතා හා සංවර්ධන අවශ්‍යතාවන්ට යොදවා ගැනීමේදීත්, එම භූමිය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවී තිබුණා.
ඒ අනුව, මේ වන විටිත් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසර පත්‍ර හා දීමනාපත්‍ර වල කොන්දේසි ඉවත් කර එම දීමනාපත්‍ර සඳහා නිදහස් ප්‍රදාන පත්‍රයක් ලබා දීමට කටයුතු කරන අතර, මෙම වැඩසටහන යටතේ ස්වකීය කැමැත්තෙන් රජයට භාරදෙන අවසර පත්‍ර හා දීමනාපත්‍ර සඳහා ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර 500 ක් ලබාදීම සිදු කෙරෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.









