ගෑස් බෙදාහැරීම අඛණ්ඩව: ලිට්‍රෝ සභාපතිගෙන් සහතිකයක්

අඛණ්ඩව ගෑස් පිරවීම සහ බෙදා හැරීම සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව අද දිනයේදීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 150,000 ක් බෙදා හැරීමට කටයුතු කළ බවයි එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන කියා සිටියේ.

එමෙන්ම අද ගෑස් මෙටි්‍රක් ටොන් 3900 ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණියා.

අනිද්දා දිනයේදී ද ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතයි.

පසුගිය දිනවල දැඩි ලෙස ගෑස් හිඟව තිබූ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මේ වන විට ගෑස් ලැබී ඇති බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

එහෙත් මරදාන, ඇතුලු‍ ජනාකීර්ණ ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින් සහ වෙළෙඳ නියෝජිතයින් චෝදනා කළේ ප්‍රමාණවත් තරම් ගෑස් තොග නොමැති බවයි.