ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (25) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සංජය මහවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබේ.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුට හා මහාචාර්යවරයකුට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබේ. 2017 දී ඉදිරිපත් කළ වාර්තාවක් මුල්කර ගෙන එය 2025 ලෙස දින වෙනස්කර ඉදිපත් කිරීම බරපතළ වරදක් බව ද ඔහු පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙය ආණ්ඩුව හා රජය අපහසුතාවට පත්කර රට ගිනි තැබීමට දරන උත්සාහයක් බව පැවසූ ඒ මහතා මේ නිසා පැමිණිල්ලේ නම් සඳහන් කළ පුද්ගලයන් තිදෙනා කැඳවා වහාම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ද පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ.
දින සංශොධනය කළ ලිපි පරීක්ෂාවට ලක්කර එය සැක සහිත නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙලෙස හිතාමතාම දින සංශෝධනය කිරීම බරපතළ වරදක් බවත් පාර්ලිමේන්තතු වරප්‍රසාදවලට මුවාවී විවිධ අසත්‍ය ප්‍රකාශ නොකර පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ, මෙහි තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන ලෙස සංජය මහවත්ත මහතා කියා සිටියේය.








