2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, එසේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා මාර්තු 18 දින දක්වා විදුලි පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවන බවයි එම කොමිසමේ අධ්යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ.
එසේම වාචික අදහස් ඉදිරිපත් කිරීම පළාත් සියල්ල ආවරණය වන පරිදි සිදු වන අතර, එහි පළමුවැන්න මාර්තු 07 වැනිදා අම්පාරේදී පැවැත්වෙනවා.
වවුනියාවේදී මාර්තු 11 වැනිදා ද, මාතලේ දිස්ත්රික්කයේදී මාර්තු 12 වැනිදා ද, හම්බන්තොටදී මාර්තු 16 වැනිදා සහ අවසාන වාචික උපදේශනය මාර්තු 18 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.
අනතුරුව යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන, කොමිෂන් සභාවේ තීරණය ප්රකාශයට පත් කිරීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.








