ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජන හමුව ජූනි 10 පැවැත්වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ පවත්වනු ලබන විශාලතම ආයෝජන හමුව එළඹෙන ජූනි මස 10 වැනි දින පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, එම ආයෝජන හමුව හරහා ලෝකයේ සිටින හොඳම ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සඳහන් කළේ.

ඒ හරහා මෙරට සිටින අපනයනකරුවන් හට එම ආයෝජකයන් හමු වී මෙරට අපනයන තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.