ගාල්ල, ගිංතොට ප්රදේශයේ නිවසකට අද (25) අලුයම පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ලවී තිබේ.
ගිංතොට ගිංගග මාවතේ පිහිටි මෙම නිවසට පැමිණි කිසියම් පිරිසක් විසින් වහලට පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කර පසුව නිවස ඉදිරිපිට දී තවත් පෙට්රල් බෝම්බයක් එල්ලකර ඇත.
වහලට එල්ලවූ පෙට්රල් බෝම්බය පිපිරීම හේතුවෙන් වහලයේ කොටසක් කැඩී ගොස් තිබේ.
අනෙක් පෙට්රල් බෝම්බය පිපිරී නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසීය පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර මෙම නිවසේ පදිංචි අය අතරින් කෙනෙකු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් අතිරේක ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයෙකු බව පැවසෙයි.








