තු කම්කරුවන්ට රජයෙන් ලබාදෙන රු. 200 දෛනික පැමිණීමේ දීමනාව සඳහා නෛතික පසුබිමක් සකස් කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම මුදල් ගෙවීම ගැසට් කිරීමකින් තොරව, පෞද්ගලික වතු සමාගම් සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් (MOU) අනුව සිදු වන බවත්, මෙය ඕනෑම අවස්ථාවක අවසන් කිරීමට හැකි බවත් මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වා දී තිබෙනවා.
මෙම අවබෝධතා ගිවිසුම (MOU) වසර 3 ක කාලයක් සඳහා පෞද්ගලික වතු සමාගම් සමඟ ඇති කරගෙන ඇති බවත්, එම කාලසීමාව අවසන් වීමෙන් පසු මෙම ගෙවීම් ඉදිරියට කරගෙන යෑමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවත් පැමිණ සිටි නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.
දිනකට රුපියල් 200 බැගින් වන දීමනාව සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සහ සේවක භාරකාර අරමුදලේ (ETF) ගණනය කිරීමෙන් බැහැර කිරීම අදාළ නීතිවලට අනුකූල ද යන්න පිළිබඳව ද කාරක සභාව ප්‍රශ්න කළ අතර, අවබෝධතා ගිවිසුම් සහ මෙම විවිධ කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත්තේ දැයි විමසූ විට, නිලධාරීන් ප්‍රකාශ කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලබා නොගත් බවයි.
මෙවැනි ගැටලු සහගත තැන් නිවැරදි විය යුතු බවත්, මෙම ගෙවීම සම්බන්ධයෙන් කිසියම් හෝ නීත්‍යානුකූල පසුබිමක් සකස් විය යුතු බවත් කාරක සභාව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.








