ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12.00 සිට සවස 6.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අදාළ වෘත්තීය සමිති විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.








