ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නියෝගයක් බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
එම සමාගම සහ එහි සේවකයන් විසින් ගොනු කර තිබුණු රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.








