අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, මොහු මොනරාගල, හුලංදාව ප්රදේශයේ නිවසක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ද්විත්ව ඝාතනයට අදාළව මීට පෙර ද එක් වෙඩික්කරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, මේ වන විට ඔහු දින 90ක රැඳවුම් නියෝග ලබා ගෙන ප්රශ්න කරමින් සිටිනවා.








