වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමට හිටපු IP ජගත් නිශාන්ත අත්අඩංගුවට

හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත, විදේශගතව සිට මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි

වැලිගම W15 හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වන මොහුව මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරයි.

2023 වසරේ දෙසැම්බර් 31වනදා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් පොලිස් නිලධාරියෙකුට දිවි අහිමි විය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකොන් මහතාට චෝදනා එල්ල වී තිබෙයි.