වෙළෙඳපොළට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.
මේ අතර ප්රදේශ කිහිපයක තවදුරටත් ගෑස් හිඟයක් පැවතීම හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්ව සිටිනවා.
ගෑස් හිඟය හමුවේ ලිට්රෝ ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් පෙරේදා දිවයිනට පැමිණියා.
එමෙන්ම හෙට සහ 28 වැනිදා තවත් ගෑස් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත අතර එහි ගෑස් මෙට්රික් ටොන් 7,600ක් අඩංගුයි.








