එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති දිවයිනට

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් (Richard William Thompson) මහතා සති 02ක නිල සංචාරයක් සඳහා අද (24) දිවයිනට පැමිණ තිබේ.

ඔහු අද උදෑසන 08.35ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සභාපතිවරයා පිළිගැනීම සිදු කෙරුණි.