අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු 80% ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව, 2026 පෙබරවාරි 13 වැනිදා වාර්තා වූ මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතන සිද්ධියට අදාළව දින තුනක් ඇතුළත ප්‍රධාන වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූ බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තිදෙනෙකු දින 90 ක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බවත්, සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර ඉදිරි විමර්ශන සිදු කරමින් සිටින බවත් ඔහු පවසා සිටියා.
මීට අදාළව තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 12 ක් විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටින අතර, ඉදිරි දින කිහිපය තුළ වැඩිදුර ප්‍රගතියක් අපේක්ෂා කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








