රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය අවසන් කර තැපෑලට යොමු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
තවත් රියදුරු බලපත්‍ර ලක්ෂයක තොගයක් මුද්‍රණය කිරීමට පවතින බවයි එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ සඳහන් කළේ.
ඒ අනුව වේරහැර, අනුරාධපුර හා මාතර දිස්ත්‍රික් කාර්යාලවලින් ද රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බවත්, මේ වන විටත් ලැබී ඇති අයදුම්පත් සඳහා ද රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් ලක්ෂ 8 ක් මෙරටට ආනයනය කර ඇති අතර, තවත් කාඩ්පත් ලක්ෂ 10 ක් පමණ ආනයනයට ටෙන්ඩර් විවෘත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








