පානම ප්‍රදේශයේ, පානම වැව අසලදී සිදුවී ඇති වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71 ක් වූ පානම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිසිය සඳහන් කළේ.
එම පුද්ගලයා දිය නෑම සඳහා පානම වැවට ගොස්, යළිත් තම ගොවිතැන් කටයුතු සිදු කරන වාඩියට පැමිණෙමින් සිටියදී මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








