මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකයි – මහජන ආරක්ෂක අමාත්‍යාංශය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, එක් කණ්ඩායමක් සාර්ථකව සිය පුනරුත්ථාපන කාලසීමාව අවසන් කර පිටත්ව ගිය බවයි එහි පුනරුත්ථාපන කාර්යාංශයේ සහකාර කොමසාරිස් කර්නල් චන්න ගෝමස් සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීමෙන් නිදහස් වීමට කැමති අයකුට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයට යොමු විය හැකි බවත්, 0112-883891 යන දුරකථන අංකයෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.