අද (23) සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 03 ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
ගෑස් මෙට්රික් ටොන් 3,900 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර, ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවයි එම සමාගම සඳහන් කළේ.
තවත් ගෑස් නෞකා 02 ක් ලබන 25 සහ 28 යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ද එම සමාගම ප්රකාශ කළා.
පසුගිය දිනවල ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාමක් හේතුවෙන් මෙරට ගෑස් වෙළෙඳපොළ තුළ ලිට්රෝ ගෑස් සැපයුමට බාධා එල්ල වූ බවත්, අද දිනයේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කිරීමත් සමඟ ගෑස් හිඟය ක්රමානුකූලව පහව යනු ඇති බවයි එම සමාගම වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.








