2016 සිට රාජ්‍ය සේවයට එක් වූ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට අදාළ පත්වීම් ලිපි සංශෝධනයට පියවර

2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම් ලබා දීමට අදාළ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි එම අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සඳහන් කළේ.

එම සංශෝධනයට අනුව සියලුම රාජ්‍ය නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන අතර, ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන නිලධරයන්ගේ පත්වීම් ලිපිවල ද විශ්‍රාම වැටුප් පිළිබඳ වගන්තිය මෙලෙස සංශෝධනය කිරීම සිදු කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. 

 news images