සංවිධානාත්මක කණ්ඩායම්වල බලපෑම මත Oxford Union සහ Cambridge Union ශිෂ්‍ය සංගම්වල පැවැත්වීමට නියමිතව තිබූ දේශන මාලාව අවලංගු කිරීම කණගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
තමන් දැඩි ලෙස විවේචනය කරන පිරිස් සමඟ පවා මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට සූදානමින් සිටි බවත්, සැබෑ ප්‍රගතියක් අත්කර ගත හැක්කේ විවිධ මතවාද ගැටෙන විවෘත සංවාදයකින් පමණක් බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙන්නේ.
තමාට ආරාධනය ලබා දුන් සංගම් ද්විත්වයටම ස්තූතිය පළ කරන අතර, අනාගතයේදී බාධාවකින් තොරව මෙවැනි බුද්ධිමය සංවාදයකට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
අදාළ X පණිවිඩය පහතින්.









