ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඊසාන දෙසට ගමන් කරමින්, ඉදිරි පැය 24 තුළ තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැ.කි.මී. 50 – 60 පමණ තද සුළං ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාව වෙත දැනුම් දෙනු ලබනවා.








