ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් මහනුවර සහ මාතලේ දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ තුන්වන මට්ටමේ (රතු) නායයෑමේ මුල් අනතුරු ඇඟවීම් මේ වන විට ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්රික්ක 8 ක් සඳහා තවදුරටත් දෙවන මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම් ක්රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කරයි.








