පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනිකව මුදල් ලබා ගන්නා පුද්ගලයන් පිරිසක් ගැන පොලිසිය විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ජනතාව රවටා වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ සිද්ධීන් පිළිබඳ පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර, ඒ පිළිබඳ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්ථාවර දුරකථන අංකවලට යම් සමානකමක් ඇති විදේශීය දුරකථන අංක භාවිත කරමින් මෙම වංචාව සිදු කරගෙන ගොස් ඇති බවයි.
ශ්‍රී ලංකාවේ බැංකු හෝ මූල්‍ය සමාගම් ලෙස පෙනී සිටිමින්, ගිණුම්කරුවන්ට ඇමතුම් ලබා දී, ගිණුම් පිළිබඳ පැමිණිලි ඇති බව පවසා, ඒවා නිරාකරණය කර ගැනීමට උපකාර කරන බව පවසමින් මෙම වංචාව සිදු කරගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
WhatsApp ඇමතුම් ලබා දී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී පොලිසිය තුළ පවතින කාර්යබහුල බව පවසා ඇමතුම් ඔස්සේ නිරූපණය වන ආකාරයට මොවුන් කටයුතු කර ඇති බවත්, තම පෞද්ගලික තොරතුරු හෝ ගිණුම් පිළිබඳ තොරතුරු මෙවැනි වංචනිකයන්ට ලබා නොදෙන ලෙසත් පොලිසිය ජනතාවට අවධාරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.









