වටිනා අසල්වැසියකු සමඟ මිත්‍රත්වය ශක්තිමත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිල්ලියේදී හමු වීම සතුටක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය පරිදි AI Impact 2026 සමුළුව සඳහා පසුගියදා (19) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවට ගිය අතර, 20 වැනි දින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ විශේෂ හමුවකට ද සහභාගි විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ සම්බන්ධයෙන් X සටහනේ මෙසේ දක්වා තිබේ.
‘වටිනා අසල්වැසියකු සමඟ මිත්‍රත්වය ශක්තිමත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා දිල්ලියේදී හමු වීම සතුටකි. අපි මෑත කාලීන ඉන්දියා – ශ්‍රී ලංකා සබඳතාහි ප්‍රගතිය සමාලෝචනය කළෙමු. අපි බලශක්තිය, සම්බන්ධතාවය, යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවය, කුසලතා සංවර්ධනය, සංස්කෘතිය, නීල ආර්ථිකය ඇතුළු ක්ෂේත්රවල සහයෝගිතාව සඳහා පවතින අවස්ථා ද සාකච්ඡා කළෙමු.’
උපාලි කරුණාරත්න








