නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට විරෝධය පාමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශය අසල පෙරේදා (12) ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (13) සවස අවසන් කෙරිණි.
රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දමන බව නිවේදනය කිරීම හමුවේ එම තීරණය ගත් බව විමල් වීරවංශ පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හකුළා ගැනීමක් හෝ අධ්‍යාපන ඇමැතිවරයා ඉවත් කිරීමක් පිළිබඳ රජය මේ වනතෙක් ප්‍රකාශයක් සිදු කර නැති නමුත් එම පිරිස සත්‍යග්‍රහය ඊයේ (13) අවසන් කළහ.
චමීර ඇල්ලදෙණිය








